පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව අද යළි රැස් විමට නියමිතයි. දුම්මලසූරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂි විභාගය සදහා අද කැදවා තිබෙනවා.
පාස්කු ප‍්‍රහාරයට පෙර දුම්මලසූරිය පොලීසියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දීමක් සිදුව තිබුණා. එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කල සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුනේ දුම්මලසූරිය පොලීසිය විසින්.
මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයා වන රෂීඞ් අච්ජුල් අක්බාර් පසුගිය 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටියා.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසම පත්කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වනදායි.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව මේ වන විට පර්ශව 55 කින් පමණ සාක්ෂි ලබා ගෙන තිබෙනවා.