රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ යාත්‍රාව හඹා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේ රත්‍රං පාර්සලක් මුහුදට දැමූ බව සදහන්.
පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදා අදාළ රත්‍රං පාර්සලය සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළා.
එම පාර්සලය තුළ රත්‍රං කිලෝ 14යි ග්‍රෑම් 35ක ප්‍රමාණයක් තිබී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙක් බව සදහන්.
ඔවුන් දෙදෙනා සහ අදාළ යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.