චීනයෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසයෙන් මිය ගිය ගණන 1662 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ හූබෙයි පළාතේ වෛරසය ආසාදනය වූවන් 139 දෙනෙකු මියයාමත් සමගයි. මෙම වෛරසය ආසාදනය වූ සමස්ත අසාධිතයින් ගණන 56,249 ක් ලෙස සදහන් වෙනවා.
කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙම වෛරසය පාලනයට ඉතා ඉක්මනින් හැකිවනු ඇති බවයි.