News Line| Off Air
Generic placeholder image

Feb
16

රක්ෂිතයක තලගොයි මරා පුළුස්සමින් සිටි හයක් අල්ලයි

1799 Views


රක්ෂිතයක තලගොයි මරා පුළුස්සමින් සිටි හයක් අල්ලයි

නාඋල, පුබ්බිලිය බඹරගහවත්ත රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී තලගොයින් 8 දෙනෙකු මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බිලිය, මාලගමුව, ගලේවෙල, සහ මනන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඇලහැර වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු නාඋල පුබ්බිලිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයේ ඉදිකොට ඇති විදුලි වැට පිළිබඳව නිරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රජයේ රක්ෂිතය තුළ ගින්නක දුමක් දැක ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී සැකකරුවන් පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම පුද්ගලයන් සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් ඊට යොදන උණ්ඩ කිහිපයක් සහ පිහි කිහිපයක් සොයා ගත් බව වනජීවි නිලධාරීන් පවසන අතර සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ දඩ මස් අලෙවි කිරීම සඳහා වනාන්තර වල සිටින තලගොයින් මරා පුළුස්සා මස් රැගෙන යන බවය.

අත්අඩංගුවට පත් පුද්ගලයන් හයදෙනා නාවුල පොලීසියට භාරදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post