News Line| Off Air
Generic placeholder image

Feb
16

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියට විදේශ අමාත්‍යාංශයෙන් කැඳවීමක්

621 Views


ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියට විදේශ අමාත්‍යාංශයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කර තිබුණ අතර ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි.

ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණටය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post