ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබෙනවා.
ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙම ණය ඇපකර ලිපි නැවත නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා.
මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය වෙනුවෙන් මෙවැනි ණය ඇපකර ලිපි 08ක් සහ භාණ්ඩාගාර ඇපකර දෙකක් නිකුත් කෙරුණා.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන ඇති ණය පහසුකම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 205.38ක්.