News Line| Off Air
Generic placeholder image

Feb
17

ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 105 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක්

1027 Views


ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 105 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුළ චීනයේ මරණ 105ක් අලුතින් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 71,323 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ(16) දිනයට සාපේක්ෂව ආසාදිතයින් 2048ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සදහන්.

ඒ අතරින් චීනයේ හුබෙයි පළාතෙන් පමණක් නව ආසාදිතයින් 1933 දෙනෙකු වාර්තා වන අතර පළාතේ සමස්ත ආසාදිතයින් ගණන 58,182ක් බව චීන මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ආසාදිතයින් අතරින් පුද්ගලයින් 1,425 දෙනෙකු අලුතින් සුවය ලැබීමත් සමඟ මෙතෙක් සුවය ලැබූ ගණන 10,844 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

චීනයට පරිබාහිරව ලොව රටවල් 30 කින් වෛරසයේ ආසාදිතයින් හමුවන අතර එම ගණන 510 සිට 688 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර නිරෝධායන කටයුතු සඳහා ජපානයේ යෝකොහෝමා වරායේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානු පුරවැසියන් 400 දෙනෙකු ඉවත් කරගැනීමට අමෙරිකානු රජය අද අලුයම පියවර ගත්තා.

ඔවුන්ව නැවේ සිට බස්රථ මගින් ටෝකියෝ ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගුවන් යානා දෙකක් මඟින් අමෙරිකාව වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් නෞකාවේ සිටියදී වෛරසය ආසාදනය වීමෙන් ජපානයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන තවත් අමෙරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේම රඳවා ප්‍රතිකාර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post