මහජනතාවට ප්‍රවේශය දුෂ්කර වන අයුරින් ලොරි චැසි සඳහා බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
එමෙන්ම මින් ඉදිරියට මෙරටට ආනයනය කළ හැක්කේ පහත් පතුල් සහිත බස් රථ පමණක් බව තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා පැවසුවා.
දැනටමත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එවැනි බස් රථ 500ක් පමණ ඇනවුම් කර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.