ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.
මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
වසරේ දින 365 ඇතුලත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200 ක් බවත් එම දිනයන් හීදිද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පුර්ණ වසර පුරා දරුවන් පාසල තුල ගත කරන පැය ගණන 1200 ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව සළකා බලන විට එය දින පහනක් පමණක් බවයි මාතර පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ.
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂ ව එය ඉතා අඩු කාලයක් බවත් එසේ තිබියදීත් ප්‍රාථමික ශ්‍රේණිවල සිටම දරුවන්ගේ දැනුම විභාග මතින් පරීක්ෂා කිරීමට තවමත් අප යොමුව සිටීම වෙනස් විය යුතු තත්ත්වයක් බවත් ඔහු පැවසුවා.
පින්ලන්තය වැනි ලෝකයේ අධ්‍යාපනය අතින් දියුණු රටවල ප්‍රාථමික පන්තිවල දී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.