ආදරවන්තයන්ගේ දිනයේදී පැවති සමූහ විවාහ උත්සවයක් පිළිබඳ පුවතක් පේරු රාජ්‍යයෙන් වාර්තා වුණා.
එහිදී යුවළ සියයක් විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා.
සමූහ විවාහ උත්සව පිළිබඳව ලොව බොහෝ රටවලින් නිරන්තයෙන් තොරතුරු වාර්තා වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වුණා.
එහි විශේෂත්වය වන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී මේ පිරිස විවාහ දිවියට ඇතුළත්වීමයි.
තරුණ හා වයස්ගත යුවළ සියයක් මෙහිදී විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා.
නව යුවළ වෙත සුබ පැතුම් එක්කිරීමට ලීමා නගරාධිපතිවරයාත් එක්ව සිටි බව සදහන්.
මෙවැනි සමූහ විවාහ උත්සව පේරු රාජ්‍යයේ අතිශය ජනප්‍රිය වෙමින් ඇති බවත් සමූහ විවාහ සඳහා එරට රජයේ අනුග්‍රහය හිමිවන බවත් විදෙස් වාර්තා සදහන් කළා.