News Line| Off Air
Generic placeholder image

Feb
17

ශ්‍රී ලංකා ජපන් තානාපති සහ ජනපති අතර හමුවක්

768 Views


ශ්‍රී ලංකා ජපන් තානාපති සහ ජනපති අතර හමුවක්

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගි වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ශ්‍රී ලංකා ජපාන් තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) ආරාධනා කර තිබෙනවා.

මෙම සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වන බව සදහන්.

එමෙන්ම ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇති අතර ජපාන ව්‍යාපාරික ප්‍රජාව හමුවීම ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post