News Line| Off Air
Generic placeholder image

Feb
18

මහින්ද – මෛත්‍රී විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

520 Views


මහින්ද – මෛත්‍රී  විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා සඳහන් කළ අතර එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ පස්වරු 6.00ට පැවැත්වෙන අදාළ සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සාකච්ඡාව සදහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post