News Line| Off Air
Generic placeholder image

Feb
18

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක්

432 Views


සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක්

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

මේ සදහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පණත සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙන අතර මෙම සංශෝධනය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් සංචාරක ක්ෂේත්‍රයේ සේවාලාභින් සදහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමත් සම්පත් අතිරික්තය අවම කිරීමත් මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post