News Line| Off Air
Generic placeholder image

Feb
18

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට රජය සූදානම්

535 Views


ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට රජය සූදානම්

රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත් මේ පිළිබඳව ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා.

2015 හා 2016 වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව මෙම යෝජනා දෙකම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළ බවත්, එම අවස්ථාවේදී මෙය පිළිනොගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසූ බවත් මහලේකම්වරයා කියා සිටියා.

මෙම වාර්තාවට අනුව අද වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රශ්නයක් පැමිණි බවත්, ඇමෙරිකාව මානව හිමිකම් පිළිබඳව සුදනෙක් වීමට කටයුතු කළත් හමුදාපතිට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනා එල්ල කර තිබෙන බවත් අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post