News Line| Off Air
Generic placeholder image

Feb
18

අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ වෙනස්කම් පිලිබද කැබිනට් පත්‍රීකාවක්

825 Views


අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ වෙනස්කම් පිලිබද කැබිනට් පත්‍රීකාවක්

අර්ධ සුඛෝපබෝගී හෙවත් Semi Luxury බස් සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ගැනීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදීයි මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබෙනවා.

අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම බස් රථ සේවාව මහජන හිතකාමී නොවන බැවින් එය අහෝසි කළ යුතු බවයි.

එහෙත් මේ වන විට අර්ධ සුඛෝපබෝගී බස් රථ 437ක් ධාවනයේ යෙදෙන බැවින් එම බස් සේවාව එකවර අහෝසි කිරීම වෙනුවට විකල්ප හඳුන්වාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී අද මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අර්ධ සුඛෝපබෝගී බස් සේවාවට අදාල තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

පස්වරු 7සිට පසුදින අලුයම 6 දක්වා පමණක් එම බස්රථ ධාවනය, දිවා කාලයේ මෙම බස් සේවාව ක්‍රීයාත්මක නොකිරීම, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් එක් ගමනකදී කිලෝමීටර 200කට වඩා ධාවනය වන්නේනම් පමණක් ඊට අවස්ථාව දීම යන තීරණ ඒ අතර වනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන් පසු අදාල තීරණ ක්‍රීයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post