News Line| Off Air
Generic placeholder image

Feb
18

යාපනය කලපුවේ කඩොලාන කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට

703 Views


යාපනය කලපුවේ කඩොලාන කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය මණ්ඩතිව් කලපුවේ නීතිවිරෝධී ලෙස කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රාවක ආධාරයෙන් කඩොලාන කපමින් සිටි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ගුරුනගර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අතර එම පුද්ගලයා වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය අඩවි වන කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post