News Line| Off Air
Generic placeholder image

Feb
18

ලිහිසි තෙල් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත වැටලීම් මාලාවක්

2137 Views


ලිහිසි තෙල් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත වැටලීම් මාලාවක්

ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සහය මත දීපව්‍යාප්ත වැටලීම් මාලාවක් ආරම්භ කර ඇති බව එම අධිකාරිය සඳහන් කළා.

ලිහිසි තෙල් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි සළකා මෙම වැටලීම් සිදු කෙරෙනවා.

ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා දැනට අවසර ලැබී ඇති සමාගම් සංඛ්‍යාව 13 ක් වන අතර සන්නාම 22 ක් සඳහා ඔවුන්ට අවසර ලැබී තිබෙනවා.

එහෙත් අවසර නොලත් පාර්ශව පවා එම කටයුතුවල නිරතවීම හේතුවෙනුයි මෙම දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post