නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්ත ප්‍රදේශයේ තිබී ඊයේ උදෑසන 119 ලැබුණු හදිසි ඇමතුමක් මත නුවරඑළිය පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකදී දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු 2ක් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව බිළිඳු මළ සිරුරු 2 ක හඳුනා ගෙන දින 14 කින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය විසින් නියෝග කර ඇති අතර එම මෘත දේහයන් නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් තිබෙන අතර සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.