News Line| Off Air
Generic placeholder image

Feb
19

රාජ්‍ය ආයතනවල දින 180ක සේවා කාලයක් සම්පූර්ණ අයට ස්ථිර පත්වීම්

3088 Views


රාජ්‍ය ආයතනවල දින 180ක සේවා කාලයක් සම්පූර්ණ අයට ස්ථිර පත්වීම්

රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින් වෙත ස්ථිර පත්වීම් ලබා දීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම සේවකයින්ට කාර්යාල සේවක හා ඒකාබද්ධ රියදුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට අදාලව අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව අදාල පිරිස් 2019 වසරේ සැප්තැම්බර් මස පළමු වන දින වන විට දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා තිබිය යුතු අතර ඒ සදහා නියමිත අධ්‍යාපන සුදුසුකම් ද සපුරා තිබිය යුතු වන අතර එවැනි පිරිස් වෙත ස්ථිර පත්වීම් ලබාදීම සදහා තොරතුරු ලබාදෙන ලෙස ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාල චක්‍රලේඛයෙන් දැනුම්දී තිබෙනවා.

සුදුසුකම් සපුරන සේවකයින් සදහා ආයතන ප්‍රධානියා විසින් තාවකාලික පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන අතර එම ලිපි නිකුත් කර මාස 3 ක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීමට අදාල ලිපිගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ යුතු බව චක්‍රලේඛයෙන් උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post