News Line| Off Air
Generic placeholder image

Feb
19

අජිත් ප්‍රසන්නට ඇප

471 Views


අජිත් ප්‍රසන්නට ඇප

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

මෙම ඇප කොන්දේසිය පිළිබඳව දැනගැනීම සඳහා දිවයිනේ පිහිටි සියලුම ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලද අතර මෙම කොන්දේසිය විත්තිකරු විසින් පිළිපදින්නේ ද යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස රහස් පොලීසිය අධ්‍යක්ෂවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම කොන්දේසිය විත්තිකරු විසින් උල්ලංඝනය කර තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු බවටද නියෝග කළා.

විත්තිකරු විසින් මෙම ඇප කොන්දේසිය උල්ලංඝනය කර තිබෙන බවට කරුණු තහවුරු වුවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post