News Line| Off Air
Generic placeholder image

Feb
19

පේරු රාජ්‍යයෙන් ඩෙංගු මරණ 12 ක් – ආසාදිතයින් 5480 ක්

541 Views


පේරු රාජ්‍යයෙන් ඩෙංගු මරණ 12 ක් – ආසාදිතයින් 5480 ක්

පේරු රාජ්‍යයේ පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙක් මියගොස් ඇති අතර ඩෙංගු ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5480 ක් බව වාර්තා වනවා.

2019 වර්ෂයේ අවසන් කාර්තුවේ සිට මේ දක්වා පේරු රාජ්‍යයේ ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීම සැලකිය යුතු මට්ටමකින් ඉහළගොස් තිබෙනවා.

රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ ඇමසෝනියා කලාපවලයි.

ඉන් වැඩි බලපෑම් එල්ලවූ කලාප කිහිපයකට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් පේරු බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

ලොව මදුරුවන් ආශ්‍රිතව සීඝ්‍රයෙන්ම පැතිර යන රෝගය වන්නේ ඩෙංගු උණ රෝගයයි.

මේ වර්ෂයේදී ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජන එල්ල කරන ප්‍රධාන කරුණු 10 අතරටත් ඩෙංගු උණ රෝගය ඇතුළත්.

මෑත ඉතිහාසය තුළදී රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත් මේ වසරේදී බොහෝ රටවලින් ඩෙංගු ආසාදිතයන් හමුවී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කෙසේ නමුත් එම රෝගයට මේ වන තුරු නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගැනීමට හැකිවී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post