කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.ඒ පෙරවරු 11.00ටයි.
අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 03 වන දින දක්වා කල්තැබීමට නියමිත අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාර්තු මස 02 වන දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙයි. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් මාර්තු මන 02 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට තීරණය කළහොත් අටවැනි පාර්ලිමේන්තුවේ අවසන් සභා වාරය අද දිනයෙන් අවසන් වනු ඇති.