News Line| Off Air
Generic placeholder image

Feb
20

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්වෙයි

4798 Views


ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්වෙයි

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට එක්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබෙනවා.

නවතම ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙලෙස තේරී ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙසද පේරාදෙණිය විශ්ව විද්‍යාලය නම් වී තිබෙනවා.

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙන්නේ ලොවපුරා විශ්ව විද්‍යාල 30,000 ක් සළකා බලමින්.

කාණ්ඩ 5 ක් යටතේ එහිදී ලකුණු ලබාදීම සිදු කෙරෙනවා. ඉගෙනුම් පරිසරය සහ ඉගැන්වීම, සමීක්‍ෂණ, සමීක්‍ෂණවල බලපෑම, කාර්ය මණ්ඩලය, විද්‍යාර්ථයින් හා සමීක්‍ෂණ සදහා ඇති ජාත්‍යන්තර පිලිගැනීම සහ වෙළද පොල වටිනාකම අදාළ කාණ්ඩ වනවා.


News Articles
Latest Videos
Most Popular Post