News Line| Off Air
Generic placeholder image

Feb
20

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වැසෙයි

833 Views


කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වැසෙයි

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් හදිසියේම ගිනි ගැනීම නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දින දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අද දින පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර එයින් නිකුත් වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සදහන්.

මේ හේතුවෙන් කොළඹ සිට පැමිණෙන වාහන ජා – ඇල පිවිසුමෙන් පිටතට යොමු කළ අතර කටුනායක පිවිසුමෙන් වාහන ඇතුළු කිරීමද නවතා දමා මෙම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීමෙන් පසුව සවස 3.00 පමණ සිට පෑලියගොඩ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගැනුණා.

කටුනායක පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ගිනි නිවීම සදහා බලවත් පරිශ්‍රමයක් ගිනි නිවීම් අංශ දරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post