“සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණා.
එහිදී සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කරන්නේ නම් රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම් බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නොමැතිව, ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට එතුමා සුදානම් බවත් ඊට සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.