News Line| Off Air
Generic placeholder image

Feb
20

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් විවෘත වෙයි

731 Views


කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් විවෘත වෙයි

ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් මේ වනවිට විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සදහන් කළා.

මේ වනවිට පෑලියගොඩ අවට පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ.

එසේම රාත්‍රී 8 දක්වා එම කොටසේ රථ වාහන ධාවනය නොමිලේ සිදුකිරිමට අවස්ථාව සලසා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර, ගින්න නිවීම සඳහා අද පස්වරුවේ ගුවන් හමුදාවට අයත් බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post