News Line| Off Air
Generic placeholder image

Feb
21

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා අයදුම්කරුවන්ට කාර්යක්ෂම සේවාවක්

1970 Views


එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා අයදුම්කරුවන්ට කාර්යක්ෂම සේවාවක්

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී හැඳුනුම්පත සකස් කර අවසන් වීමෙන් පසු ඒ පිලිබඳ එස් එම් එස් පණිවිඩයක් මගින් අයදුම්කරු වෙත දැනුම්දීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ සිට මෙම නව වැඩපිළිවෙල ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවා.

එක්දින සේවාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය කිහිපයක් එහි රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්වන අතර මෙම නව වැඩපිළිවෙල හරහා මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post