කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ලද තොරතුරු මතයි.
අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් සුද්දා නැමති සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණේ පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතා පැවැත්වූ තම ලොකු අම්මාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද පන්නල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 17 වන දා මෙම පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබූ අතර ඊයේ ඔහුගේ මළ සිරුර පන්නල – වේරහැර – මාර්ගයේ බුළුගහවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පොලීසිය සොයා ගනු ලැබුවා.
ඊට අමතරව පොලිස් නිලධාරියා පැහැර ගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය ද එම ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගත් බව සදහන්.