මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ඔහුට ගම්පහ, හෙට්ටිපොල, මිනුවන්ගොඩ සහ අත්තනගල්ල අධිකරණ මඟින් වරෙන්තු නිකුත් වී සිටි අයෙකු බවද අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.