News Line| Off Air
Generic placeholder image

Feb
25

හෙට ජාඇල අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

623 Views


හෙට ජාඇල අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

ජා ඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 09.00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේය.

ජා ඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇල – ඒකල, කඳාන, ආනියා කන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post