News Line| Off Air
Generic placeholder image

Feb
26

දිවයිනේ ඡන්ද දායකයින් ගණන ඉහළට

892 Views


දිවයිනේ ඡන්ද දායකයින් ගණන ඉහළට

මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව 271,789 කින් වැඩි වී තිබේ.

ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහක් බවයි.

එය 2018 වසරේ පැවතියේ එක් කෝටි පනස්නම ලක්ෂ අනුහයක් ලෙසයි.

මෙවර ද මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය බවට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි.

එහි ඡන්ද දායකයින් සංඛ්‍යව 1785964 කි.

මෙරට අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේය.

එම සංඛ්‍යාව 287,024 ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post