News Line| Off Air
Generic placeholder image

Feb
26

හෙට සිට ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කියයි

856 Views


හෙට සිට ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කියයි

ගුරු ,විදුහල්පති වෘත්තිය සමිති 18ක් හෙට සිට පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය අසල ගුරු – විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක ද නිරත වූ අතර, බලධාරින් සාකච්ඡාවක් ලබා නොදුන් නිසා හෙට සිට ලබන 16 වනදා දක්වා පාසල්වල බාහිර කටයුතුවලින් ඉවත් වී ඉගැන්වීම් පමණක් සිදුකිරීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියා.

විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 වනදා සිට දින 5ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post