සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බවද මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.
එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද තමා වෙත පුද්ගලිකව කතා කළ බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙසද උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂා කර බලා අදාළ වාර්තාව ජනාධිපතිතුමන් වෙත සහ අගමැතිතුමන් වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන අතර මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.