News Line| Off Air
Generic placeholder image

Feb
27

කටු පොල් වගාව නතර කිරීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

1026 Views


කටු පොල් වගාව නතර කිරීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කටු පොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී වීමට යන අතරවාරයේදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා ඇති අතර එහිදී කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියා.

ඒ අනුව සංවර්ධන කමිටු රැස්වීමේ පළමු ගැටලුව ලෙස ඒ පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින ජල හිගයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇති බවත් ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.

කටුපොල් වගාවෙන් ඉහළ ආදායමක් ලැබුන ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ප්‍රයෝජනයක් නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඒ අනුව වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පොල් තෙල් පරිභෝජනයට ජනතාව දිරිගැන්විය යුතු අතර එහි ප්‍රතිඵලයක් ලෙසට පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි ජනාධිපතිවරයා කියාසිටියා.

රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබුන ද එම නිශ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගාසිටුවීමට පියවර ගන්නා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දුන් අතර එය දිරිගැන්වීම වෙනුවෙන් රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ද එතුමාගේ අවධානය යොමුවුනා.


News Articles
Latest Videos
Most Popular Post