කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත් වනවා.
කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගත් අතර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක් පළ කළ බව සදහන්.
පාලනාධිකාරිය විසින් සිසුන් මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා යොදාගන්නා බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස විරෝධය පළ කර තිබෙනවා.
ඉකුත් සඳුදා පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිබූ සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කර තිබු අතර ඊට පසුදින විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ තමන් සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කළ බවයි.
පසුව එදිනම පස්වරුවේ එම සිසුන් තමන් ඉවත් කළ සී.සී.ටී.වී කැමරා උපකරණ යළි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එක් ස්ථානයකට ගෙනැවිත් දමා ඇති අතර ඉන් අනතුරුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම කඩකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් ද ආරම්භ කරනු ලැබුවා.