News Line| Off Air
Generic placeholder image

Feb
28

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

3677 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති අතර, කිසියම් රටක් එසේ සිතා සිටින්නේ නම් එය මාරාන්තික අත්වැරැද්දක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්රෙයිසස් අනතුරු අගවනවා.

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ලොව පුරා වාර්තා වන අතරතුර ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම, මේ වන විට චීනයෙන් පිටත නව ආසාදිත සංඛ්‍යාව චීනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයක්.

ධනවත් රටවල් වුවද කොරෝනා වෛරසයේ අනපේක්ෂිත පැතිරීමකට මුහුණදීම සඳහා සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.

ඉතාලියේ දැන් මතු වී ඇති තත්ත්වය පිළිබදව සදහන් කරමින් ඔහු මේ බව කියා සිටියා.

එරට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව ද 650 ඉක්මවා තිබෙනවා.

කොරෝනා වෛරස් අවදානම ඉතාලියේ ජන ජීවිතය අඩාල කර ඇති අතර, වෛද්‍ය සැපයුම් එක්රැස් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම එරට පාසල් වසා දැමීමට හා ප්‍රධාන පෙළේ පාපන්දු තරඟ ඇතුළු ජනතාව ගැවසෙන උත්සව අවලංගු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 82,688 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මරණ සංඛ්‍යාව 2814ක් ලෙස සටහන් වන අතර ඉන් මරණ 2744ක් චීනයෙන් වාර්තා වනවා. එමෙන්ම ඉරානයෙන් මරණ 26ක් වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post