පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම මන්නාරම, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවද උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අධික මහන්සිය, විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම තවදුරටත් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වයන් පිළිබඳ ද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.