News Line| Off Air
Generic placeholder image

Feb
29

මැලේසියාවට නව අගමැතිවරයෙක්

722 Views


මැලේසියාවට නව අගමැතිවරයෙක්

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන මුහුදීන් යසීන් මහතා පත් කර තිබෙනවා.

මහතීර් මොහොමඞ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ අග්‍රාමාත්‍යධූරය සඳහා මැලේසියානු රජු විසින් මුහුදීන් යසීන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා.

පසුගිය මාස කිහිපය පුරා ඇතිවූ අර්බුද හමුවේ මහතීර් මොහොමඞ් මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණේ මෙම වසර ආරම්භයේදීයි.

කෙසේ වෙතත් තමන් යලි අග්‍රාමාත්‍යධූරය භාර ගැනීමට සූදානම් බව ඔහු දැනුම්දී තිබුණද මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඞ් ෂා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනා.

පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන් අදහස් විමසීමෙන් පසු මුහුදීන් යසීන් මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට සුල්තාන් අහමඞ් ෂා රජු තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මැලේසියානු නව අග්‍රාමාත්‍යවරයා හෙට දිවුරුම්දීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post