News Line| Off Air
Generic placeholder image

Feb
29

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක්

760 Views


ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක්

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරුබදු රහිතව රත්‍රන් ආනයනය කිරීමට අවස්තාව ලබාදී ඒ හරහා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා.

මේ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද යොමුකර ඇති බව කොළඹ පැවති ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

පසුගිය වසර 5කට ආසන්න කාලයේදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රය කඩාවැටීමකට ලක්වූ බවත් ඒ හරහා ණය බරින් මිරිකී සිටින ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන සැලසීමට පියවර ගන්නා බවත් අමාත්‍ය විමල් වීරයවංශ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post