News Line| Off Air
Generic placeholder image

Mar
2

08 වන පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයෙන් විසුරුවා හැරීමට සුදානම්

681 Views


08 වන පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයෙන් විසුරුවා හැරීමට සුදානම්

වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වන අතර 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති.

2015 වසරේ අගොස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 8වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post