News Line| Off Air
Generic placeholder image

Mar
2

කොරෝනා මරණ සංඛ්‍යාව 2967 දක්වා ඉහලට

1215 Views


කොරෝනා මරණ සංඛ්‍යාව  2967 දක්වා ඉහලට

මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 ක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා අසූ හය දහසකට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබෙන අතර එය පැතිර යාම ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 573 දෙනකු වාර්තා වී ඇති අතර අලුතින් වාර්තා වී ඇති මරණ ගණන 2873 ක්.

ගතවූ පැය 24 තුලදී එරට අලුතින් හමු වී ඇති ආසාදිතයන් ගණන 813 ක් වන අතර දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තාවූ ඉහළම වෛරස් ආසාධිතයින් ගණන මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම මේ වන විට උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post