News Line| Off Air
Generic placeholder image

Mar
2

බෙලිඅත්තට තවත් නව දුම්රිය දෙකක්

701 Views


බෙලිඅත්තට තවත් නව දුම්රිය දෙකක්

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට නව දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙනවා. ඒ විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාකුළුගමුවට නව දුම්රිය ස්ථානයක් ලබා දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දෙස් ලබා දීමෙන් අනතුරුවයි. ඒ් අනුව රුපියල් මිලියන 08ක වියදමින් නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා.

මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නව දුම්රිය ස්ථානය සඳහා මුල්ගල තබන ලද අතර මෙම වසර අවසන් වීමට පෙර එහි ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මේ සඳහා පැවැති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය යටතේ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම දැනට බොහෝ නගරාසන්නව පවතින වාහන තදබදය නැති කිරීමට හේතුවක් වනු ඇති බව අවබෝධ කරගෙන ඇති බවයි.

එමනිසා හැකිතරම් පුද්ගලික වාහන මාර්ගවල ධාවනය සඳහා යෙදවීම වැළැක්වීමට නම් පොදු ප්‍රවාහන සේවාවන් සම්බන්ධව මහජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කළ යුතු බවත් විශේෂයෙන් මාර්ග තදබදය අවම කරලීමට හොඳම විසඳුම දුම්රිය සේවාව නවීකරණය කිරීම බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post