News Line| Off Air
Generic placeholder image

Mar
2

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් මහජනතාව වෙත දැනුම්දීමක්

4174 Views


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් මහජනතාව වෙත දැනුම්දීමක්

කෝවිඞ් 19 (Covid 19) හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දැනට නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති වුවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දී තිබෙනවා.

මේ අනුව නිතර සබන් යොදා දෑත් සේදීම,පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණ\කට\ නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම, කැස්සකදී හෝ කිවිසුම් යාමකදී ඉවත දැමිය හැකි කඩදාසියකින් හෝ වැලමිටෙහි ඇතුලු පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කිරීම වැනි පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම උණ / කැස්ස / සෙම්ප්‍රතිශ්‍යාව / උගුරේ වේදනාව / හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉල්ලා සිටිනවා.

එවැනි රෝග ලක්ෂණ පවතින්නේනම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් ඉවතවී සිටින ලෙසත් පසුගිය දින 14ක කාලයේදී සිදුකළ විදෙස් සංචාර ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post