News Line| Off Air
Generic placeholder image

Mar
2

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

1021 Views


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේදී සාගර පරිසරයට සිදු වන හානිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ කින්නියා, පොලිසිය එක්ව ඊයේ (01) කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුද්ගලයින් තිදෙනෙකු ගමන්ගත් සැක සහිත යතුරුපැදියක් නිරීක්‍ෂණය කර තිබෙනවා.

එම යතුරුපැදිය සහ සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී වෝටර්ජෙල් කූරු 30 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 45 ක් සමග මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුන් වයස අවුරුදු 23, 37 සහ 44 වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, යතුරු පැදිය, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කින්නියා පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post