ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කල මෙහෙයුමකදී දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100ක් ඈත මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව සදහන් වෙනවා.
ඒ අනුව එම අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600ක් බව නාවික හමුදාව වැඩි දුරටත් පවසනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.