හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
8 වන පාර්ලිමේන්තුව ඊයේ ඊයේ මැදියම් රාත්‍රියේදී විසුරුවා හැරි අතර ඒ පිලිබදව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරන්නේ.