දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම මෙම කටයුත්තට යොදා ගන්නා බවයි.
එයට යම් කාලයක් අවශ්‍ය බවත්, එම ස්ථාන නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට යම් කාලයක් ගත වෙන බවත් පැවසු අනිල් ජාසිංහ මහතා විදේශිකයින් විශාල පිරිසක් එකවර පැමිණෙන්නේ නම් ඔවුන් සියලු දෙනා අපහසුතාවයට පත් විය හැකි බවත් පැවසුවා.