සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ලකුණ පිලිබදව අවසන් තීරණයක් අද ගැනීමට නියමිතව තිබෙන බව වෙනවා. ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින බව ඊයේ නිල වශයෙන් මැතිවරණ කොමිසම හමුවේ දැනුම් දුන් බව එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළා.