News Line| Off Air
Generic placeholder image

Mar
4

මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 4ක් නිකුත් වෙයි

621 Views


මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 4ක් නිකුත් වෙයි

එළැඹෙන මහ මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 04ක් නිකුත් වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා.

මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව, ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුකොටගෙන වෙනත් ඡන්ද පොලකදී ඡන්දය භාවිත කිරිම සදහා පහසුකම් සැලසීමට අදාල වන තවත් ගැසට් නිවේදනයක් ද ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 04කින් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගත් සංඛ්‍යාවට වඩා වෙනස් වන බව අදාල ගැසට් නිවේදනයෙහි සදහන්.

පසුගිය මහ මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 10 දෙනෙකු තෝරා පත් කර ගත් අතර මෙවර එම සංඛ්‍යාව 09ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් 2015 මහ මැතිවරණයේදී මන්ත්‍රීවරු 08 දෙනෙක් තෝරාපත් කර ගත් අතර මෙවර එම සංඛ්‍යාව 07 දෙනෙකු වන බව සදහන්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයේදී මන්ත්‍රීවරු 08 දෙනෙකු තෝරා ගැණුනු අතර මෙවර එම සංඛ්‍යාව 09 දක්වා ද මොණරාගල දිස්ත්‍රික්කයේ පසුගිය මහ මැතිවරණයේදී තෝරා පත් කර ගැණුනු මන්ත්‍රී සංඛ්‍යාව 05දෙනෙකු වන අතර මෙවර එය 06 දෙනෙකු දක්වා ඉහල දමා තිබෙනවා.

අදාල ගැසට් නිවේදනයට අනුව වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව වන මන්ත්‍රිවරු 19 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනිමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post