රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහතින්.
2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා. ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වුණා. සමේ කළු පැහැය කාන්තා රූ සපුව […]
ජාත්‍යන්තර ක්‍රීඩා තරඟමාලාවලට සහභාගී වීම වළක්වාලමින් රුසියාවට තවත් වසර හතරක තහනමක් පැනවීමට ලෝක තහනම් උත්තේජන මර්ධන ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙම තහනම පනවා ඇත්තේ රුසියානු තහනම් උත්තේජන මර්ධන ආයතනය සිදු කළ පරීක්ෂණවල සත්‍ය පිටපත් ලබා දීමට අපොහොසත්වීමේ චෝදනා යටතේයි. එබැවින් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට මෙන්ම 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට රුසියානු ධජය යටතේ […]
මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදි ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශීංසන පළ කළ […]
ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ලබන සතියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. තැපැල් වර්ජනයක් මුල් කරගනිමින් හිටපු අගමැති අන්ටි රින්නේ පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත නව ආණ්ඩුවේ අගමැතිවරිය ලෙස සානා මැරීන් දිවුරුම්දෙනු ලබනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විසින්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනේ ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ උතුරු සහ උතුරු මැද නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.
සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද වැඩ වර්ජනයක නිරත වුණා. ඉකුත් දා බණ්ඩාරවෙල- දියතලාව අතර ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස්රථයක සේවක දෙපළක් විසින් පහරදීමක් හේතුවෙන් එම කොන්දොස්තරවරයා බරපතළ තත්ත්වයෙන් යුතුව […]
මත් කුඩු, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන් මරණිය දණ්ඩනයට ලක් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු තහනම් නියෝගය ලබන මාර්තු මස 20 වැනිදා තව දුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. එමෙන්ම මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශව විසින් ගෙන ආ පෙත්සම් ලබන මාර්තු […]
විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබෙනවා. දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ඉතා රහසිගතව ගබඩාවක් තුළ කම්කරුවන් යොදවා ආහාරයට නුසුදුසු ඉතා කුණු වි ඕජස් ගලමින් තිබූ අර්තාපල් අල තෝරන බවත් ප්‍රදේශය පුරා […]
පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද නියෝග කළා. ඒ එම නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයට අද තෙක් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට කටයුතු […]
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, […]
පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවුණා. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.